RSS Feed

මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ? Why do the Muslims workship the KAABA?

ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ?

කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල යුතුය.මුස්ලිම්වරුන් අල්ලාහ් හැර අන කිසිවෙකුට හෝ කිසිවෙකුට හිස නොනමිය යුතුය.අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොවැදිය යුතුය.

අල් කුරාණයේ දෙවන පරිච්චේදයේ 114 වන වැකියේ පහත ආකාරයට සදහන් කරයි.

(මුහම්මද්!) ඔබේ මුහුණ නිතර අහස දෙසට හරිම අපි දකිමු.එබැවින් ඔබ ප්‍රිය කරන කිබ්ලාව දෙසට ඔබ හැරවන්නෙමු.එබැවින් ඔබේ මුහුණ මස්ජිදුල් හරාම් දෙසට හරවන්න! ඔබ කොතැනක සිටියත් ඔබේ මුහුණ එම දිශාවටම හරවන්න!

                                                                                                                                                                                                       (ශු: කු 2:144)

සලාතය ඉටුකිරීමේදී කඃබාව පෙරටුකරමින් සලාතය ඉටුකරන්නේ ඇයි දැයි හේතු කාරණා සහිතව අවබෝධ කර ගනිමු.

01.ඉස්ලාම් ධර්මය එකමුතු කම අවධාරණය කරන්නේය.

නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් අල්ලාහ්ට යාඥා කිරීම සදහා සිට ගැනීමේදී පිරිසක් උතුරු දිශාව දෙසට හැරී යාඥා කිරීමට ප්‍රිය කල හැකිය.තවත් පිරිසක් දකුණු දෙසට හැරී අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමට ප්‍රිය කල හැකිය .එහෙත් එමක දෙවියන් වන අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමේදී පවා මුස්ලිම්වරුන් එකමුතුකම අනුගමනය කල යුතුය යන පරමාර්ථයෙන් අල්ලාහ්ට යාඥා කිරීමේදී මුස්ලිම්වරුන් සියලු දෙනාම කඃබාව පෙරටු කල යුතු යැයි අණ කරනු ලැබ සිටිති .කඃබාවට බටහිර දිශාවේ වෙසන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට නැගෙනහිර දිශාවේ  කඃබාව තිබන බැවින් ) නැගෙනහිරට යොමු යොමු වී ද ,කඃබාවට නැගෙනහිර දිශාවේ වෙසෙන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට බටහිර දිශාවේ කඃබාව තිබන බැවින් ) බටහිර දිශාවට යොමු වී ද ,සලාතය ඉටු කරති.

02. ලෝක සිහියමේ මැද කඃබාව පිහිට ඇත .

ලෝක සිතියම ප්‍රථමවරට සැලසුම් කලේ මුස්ලිම්වරුය.ලෝක සිතියම සැලසුම් කල මුස්ලිම්වරුන් ලෝක ගෝලයේ දකුණු දිශාවට සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාවේ ලෝක සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාව ලෝක සිතියමේ යටි පැත්තෙන් තිබෙන ආකාරයටත් සැලසුම් යෙදුහ .එසේ සැලසුම් සැකසීමේදී මුස්ලිම්වරුන් පෙරටු කර සලාත් ඉටුකරන දිශාව වන කඃබාව ලෝක මැද පිහිටා තිබිණි.පසුව බටහිර ලෝකයේ සිතියම විද්‍යාෂඥයින් ලෝක සිතියම සැලසුම් කිරීමේදී ලෝක ගෝලයේ උතුරු දිශාව සිතියමේ උඩු පැත්තට තිබෙන ආකාරයටත් දකුණු දිශාව සිතියමේ යටි පැත්තට තිබෙන ආකාරයටත්  සැලසුම් යෙදුහ.බටහිරයන් ලෝක සිතියම වෙනස් කර සැලසුම් සැලසුවද පිහිටියේ ලෝක සිතියමේ මධ්‍යමයේය .

03.කඃබාව වටා  “තවාෆ් ” කරන්නේ (කඃබාව වටේ යෑම ) දෙවියන්ගේ  ඒකීයත්වය විදහා පෑමටය.

මුස්ලිම්වරුන් මක්කාවට යන අවස්ථාවේදී මස්ජිදුල් හරාමයේ ඇති කඃබාව වටා  “තවාෆ් ” කරති.එසේ කඃබාව වටා තවාෆ් කරන්නේ ඒක දේවවාද ප්‍රතිපත්තිය ගෙනහැර පෑම සදහාත්,ඒක රවුමක් යනු එකම එක කේන්ද්‍රයක් පමණක් සතුව තිබෙනවාක් මෙන් වැදීමට සුදුස්සා වූ දෙවියන් එකම අල්ලාහ් වන බවට හැගවීම සදහාමය.

04.උමර් (රලි) තුමානන්ගේ පණිවිඩයක් :

කඃබාවේ තිබෙන “හජ්රුල් අස්වද් “නමැති කළු පැහැති ගල පිලිබදව අල්ලාහ්ගේ වක්තෘන් වන නබි (සල් ) තුමාණන්ගේ ආදරණිය නබි මිත්‍රයා වන උමර් රලි මෙසේ පැවසුහ.

නුබ යහපතක් හෝ අයහපතක් හෝ සිදුකල නොහැකි ගලක් බව මම දනිමි.අල්ලාහ්ගේ දුත්යාණන්   (සල්) තුමාණන් නුබ ස්පර්ශය කර සිප ගැනීම මා දැක නොසිටිමි නම් මමද නුබ ස්පර්ශකර සිප ගන්නේ නැත.

දැනුම්දෙන්නා : ආබිස්‌ රබීආ  ,මුලාශ්‍රය:බුහාරි (1597)

05.කඃබාව මත නැග සිට සාලතය ඉටුකිරීම් සදහා ඇරයුම් කිරීම (අදාන් කීම )

නබි(සල් ) තුමාණන්ගේ කාලයේ නබි මිත්‍රවරුන් කඃබාව මත නැගී සලාතය සදහා ඇරයුම් කර ඇත්තෝය.කඃබාව  වදින බවට මුස්ලිම්වරුන් වෙත චෝදනා කරනන්නගෙන් මා අසන්නේ තමා වදින පිළිමය මත නැගී සිටින්නේ කුමන පිළිම වන්දනාකරුවෙක්ද ?

By Dr Zakir Naik

About සත්‍ය දහම

From Sri lanka

Leave a comment