RSS Feed

ඉස්ලාමය කඩුවෙන් පතුරවනු ලැබුවේද ? Was Islam Spread By The Sword ?

ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ආගමක් වශයෙන් තිබියදී එය සාමය උදාකරන ධර්මයක් යැයි කියන්නේ කෙසේද ?

ඉස්ලාමය කඩුවෙන් පතුරුවනු නොලැබුවේ නම් ලෝකය පුරාම ඉස්ලාමය වැලදගත් අය මෙපමණ කෝටි සංඛ්‍යාවක් සිටීමට නොහැකි බව අන්‍ය ආගමිකයන්ගෙන් ඇතැමුන් ඉස්ලාමයට පොදුවේ එරෙහිව ගෙන හැර දක්වන පොදු චෝදනාවකි .ඉස්ලාමය ස්වභාවිකවම ඥානාන්විත වූ ධර්මයකි.හේතු සාධක සමග ලෝකයේ ඉස්ලාමය සිඝ්‍රයෙන් මුල්බැස ගත්තේ යැයි මා තව දුරටත් ගෙන හැර දැක්වීමට යන විස්තරය මගින් ඔබට අවබෝධ කර ගත හැකිවේ.

01.ඉස්ලාමය යන්නෙහි අරුත ශාන්තියයි.

ඉස්ලාමය නමැති වචනය “සලාම් “ නමැති අරාබි මුල් වචනයෙන් බිහිවුවකි.”සලාම්”  අරාබි වචනයට කෙනෙකුගේ චේතනා සියල්ලක්ම අල්ලාහ් වෙනුවෙන් ප්‍රිය කිරීම යනුවෙන් තවත් අර්ථයක්ද ඇත.මේ අනුව ඉස්ලාම් ධර්මය යනු ශාන්ති ධර්මයකි.

02.ඇතැම් අවස්ථාවලදී ශාන්තිය ස්ථාපිත කිරීම සදහා බල කිරීම අවශ්‍ය වන්නේය.

ලෝකයේ සිටින සෑම ශාන්තිය හා සුහදත්වය ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය නොදක්වති.ලෝකයේ සිටින අය අතුරින් ඇතැමුන් තම ආත්මාර්ථකාමිත්වය උදෙසා කලබල ඇතිකිරීමට පෙලෙබෙයි .මෙවැනි අවස්ථාවලදී ලෝකයේ ශාන්තිය හා සාමය ස්ථාපිත කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් ඇති වේ.එම නිසාම සාමය ඇතිකිරීම ඇති කිරීම සදහාත් සමාජ විරෝධීන් පාලනය කිරීම සදහාත් වැරදිකරුවන් හට දඩුවම් පැමිණවීම සදහාත්.ආරක්ෂක අංශය නමැති සංවිදානය ලෝකය පුරාම තිබේ.ඉස්ලාමය සාමය අගය කරන අතරම කුමන හෝ තැනක අසාධාරණයක් සිදුවන්නේද එම අසාධාරණයන්ට එරෙහිව සටන් කළ යුතු අවස්ථාවලදී බලකිරීම අවශ්‍ය වන්නේ යැයි පවසයි.හැකි යැයි ඉස්ලාම් ධර්මය අනුමැතිය දී ඇත්තේය.

03.ඉතිහාසඥ දී ලේසි ඕ ලියරි (De Lacy O’Leary ) ගේ මතය.

ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ධර්මයක් නොවන බව තහවුරු කිරීම සදහා ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වන DE Lace O Leary විසින් ලියන ලද ඉස්ලාමය පැමිණි මග (Islam At The Cross Road )  නමැති ග්‍රන්ථයේ 8 වන පිටුවේ ඔහු විසින් සදහන් කර ඇති අදහස් නිවැරදි වූ එකක් යයි ම සිතමි. ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ධර්මයකි යන අදහස් නැවත නැවතත් ලෝකය හමුවේ පැතිරෙමින් ඇතැම් ඉතිහාසඥයන් විසින් හිතාමතාම නිර්මාණය කරන ලද ගොතන ලද මිත්‍යා ප්‍රභන්ධයක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලි ඉතිහාසය අප වෙත කියාපාන්නේය .

04 .ස්පාඥ්ඥයේ ඉස්ලාමිය පාලනය වසර 800 ක් මුළුල්ලේ පැවතුණි.

ස්පාඥ්ඥයේ මුස්ලිම්වරුන් වසර 800 ක් මුළුල්ලේම පාලනය කළහ.ස්පාඥ්ඥ ජාතික මුස්ලිම් වරුන් කිසිවෙකුත් එරට සිටින අන්‍යාගමිකයින් ඉස්ලාම් ධර්මය වැලදගන්න ලෙස බල නොකළහ.එහෙත් පසුව පැමිණි ක්රිස්තියනිවරුන් කුරුස යුද්ධය යන නාමයෙන් ස්පාඥ්ඥයේ සිටි මුස්ලිම්වරුන් සියලු දෙනාම විනාශ කළහ.දැනට ස්පාඥ්ඥයේ අල්ලාහ්ට යාඥා කිරීම සදහා ඇරයුම් කිරීමට කිසිවෙකු නොමැත යන්න එතිහාසික සත්‍යකි.

05.අරාබි ජාතිකයින්ගේ එක්කෝටි හතලිස් ලක්ෂයක් ජනයා පරම්පරාගත ක්‍රිස්තියනුවෝ වෙති(Coptic Christhians ).

ගතවූ 1400 වසරක් මුළුල්ලේම අරාබි අර්ධද්වීපය මුස්ලිම්වරුන් විසින් පාලනය කරනු ලබන අතර වසර කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතිකයින් හා වසර කිහිපයක් ප්‍රංශ ජාතිකයින් විසින්ද අරාබි අර්ධද්වීපය පාලනය කරනු ලැබීය ,එහෙත් පොදුවේ වසර 1400 ක කාලයක්ම අරාබි අර්ධද්වීපය මුස්ලිම් වරුන් විසින්ම පාලනය කරනු ලබන්නේය.එසේ වුවද දැනට පවා එහි එක්කෝටි හතලිස් ලක්ෂයක් ජනයා පරම්පරාගත ක්‍රිස්තියනුවෝය .මුස්ලිම්වරුන් කඩුවෙන් බළකොට සිටින්නේ නම් අදට අරාබි අර්ධද්වීපයේ එක්කෙනෙකුවත් ක්‍රිස්තියානි වරුන් නොවී සියලු දෙනාම මුස්ලිම්වරුන් වී සිටිය යුතුය.

06.ඉන්දුනිසියාව හා මැලේසියාව

ඉන්දුනිසියාව හා මැලේසියාව දැනට ලෝකයේ ඇති රටවල් අතරින් අධික මුස්ලිම් ජනයන් වෙසෙන රටවල් වන්නේ ඉන්දුනීසියාව හා මැලේසියාවයි.කුමන ඉස්ලාමීය සේනාවක් ගොස් ඔවුන් මුස්ලිම්වරුන් බවට‍ පත් කලේද ?

08.අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ එලෙසම

අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ එලෙසම අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඉස්ලාමය සීග්‍රයෙන් පැතිරී තිබෙන්නේය.කුමන ඉස්ලාමීය සේනාවක්ද අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට ගොස් එහි ජනතාව මුස්ලිම්වරුන් බවට පත් කළේ ?

09.ඉස්ලාම් ධර්මය බලකිරීම් කිසිවක් නොමැත.!

කුමන කඩුවෙන්ද ඉස්ලාමය පතුරුවනු ලැබුවේ ?එසේ කඩුවක් තිබුනද ඉස්ලාමය පතුරවන්නට එම කඩුව මුස්ලිම්වරුන් භාවිතා කර තිබිය නොහැකිය.මන්දයත් පහත සදහන් අල්-කුරණ වැකිය එය පැහැදිලිව ගෙන හැර දක්වන්නේය.

මෙම ධර්මයේ කිසිදු බලකිරීමක් නැත ,දුර්මර්ගයෙන් යහමග පැහැදිලි විය .
(ශු:කු 2:256 )

ඉස්ලාමය පතුරුනේ ඥානන්විත ප්‍රතිපත්තීන් මගින් සහ ආකර්ශනීය දේශනා මගින් බව පහත දැක්වෙන අල්කුරාන් වැකියෙන් දැනගත හැකිය.

ප්‍රඥාව හා අලංකාර අනුශාසනාවෙන් යුතුව ඔබේ දෙවියන් මාර්ගය දෙසට ඇරයුම් කරන්න!ඔවුන් සමග අලංකාර ලෙසින් විවාද කරන්න!ඔබේ දෙවියන් තම මාර්ගයෙන් ඉවත් වුවත් ගැන දන්නෙකි.යහමග ලත් අය ගැනද ඔහු දන්නෙකි. (ශු :කු 16 :125)

10.ගත වූ පනස් වසරක කාලයේදී ලෝකයේ ආගම වර්ධනය.

ගත වූ පනස් වසරක කාලයේදී (1934 සිට 1984 දක්වා ) ලෝකයේ ඇති ප්‍රධාන ආගම් වර්ධනය පිළිබද වූ සංක්‍යා ලේකනය 1986 වසරේදී “රීඩර්ස්  ටෙජ්ස් ” (Reader’s Digest ) පුවත්පතේ වාර්ෂික සංග්‍රහ ලේඛනය අඩංගු ලිපිය “ද ප්ලේන් තෘත් ” (Plain Truth) නමැති ඉංග්‍රීසි පුවත්පතේද පලකොට තිබිණි.ලෝකයේ ඇති ආගම් අතරින් වැඩියෙන් වර්ධනය වී ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ඉස්ලාම් ධර්මයයි.එහි වර්ධනය ගත වූ 50 වසරේදී 235% කි.ක්‍රිස්තියානි ආගම 47% කින් වර්ධනය වී තිබුණි.ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඉස්ලාමය වැළද ගැනීම සදහා හේතු සාධක වූ කුමන සංග්‍රාමයක් මෙම සියවසේ සිදුවූයේද ?

11.ඇමරිකාවේ සහ යුරෝපයේ ඉස්ලාමය ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

දැනට ඇමරිකාවේ ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආගම ඉස්ලාමයයි.එසේම යුරෝපයේද ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආගම ඉස්ලාමයයි.බටහිර ජාතිකයින් බලකර ඉතා ඉතා අධික ලෙස ඉස්ලාමය වැළදගැනීමට ක්‍රියාකළේ කුමන කඩුවද ? එනම්’ඉස්ලාමය එහි ප්‍රතිපත්ති මගින් වර්ධනය වනවාක් මිස කිසිදු අයුරකින් බලකිරීමක් මගින් එය සිදුනොවන බව වටහා ගත යුතුය.

අල්ලාහ්ගේ උපකාරය සහ ජයග්‍රහණය පැමිණෙන විට (මුහම්මද් !) අල්ලාහ්ගේ ධර්මයට ජනතාව කණ්ඩායම වශයෙන් පිවිසීම ඔබ දකින විට ,ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් සුවුශුද්ධ කරන්න!ඔහුගේ ක්ෂමාව අයදින්න ඔහු ක්ෂමාව පිලිගන්නෙකු වේ . (ශු:කු 110:1-3)

by Dr zakir naik.සිංහල පර්වර්ථනය ඒ.එල් .නෙයිනා මොහමඩ්

About සත්‍ය දහම

From Sri lanka

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: