RSS Feed

Category Archives: කාලින

ජිහාද් යනු ත්‍රස්තවාදයද ?

වර්තමානයේ බොහෝ ඉස්ලාමිය විරෝදින් ඉස්ලාම් දහම විකුර්ති කොට ජිහාද් නම් ශේෂ්ඨ ක්‍රියාවට ත්‍රස්තවාදය ලෙස අර්ථකථනය කර  මුස්ලිම් වරු යනු ත්‍රස්තවාදීන් ලෙස ලේබල් ගැසීමට උත්සාහ කර මුස්ලිම් නොවන්නන් හට මුස්ලිම්වරුන් පිලිබදව වැරදි ආකල්ප ඇති කිරීමට උත්සාහ කර ගෙන සිටිති .

මා පළමුවෙන්ම අවධානය යොමු කිරීමට කැමැත්තෙමි ජිහාද් යනු කුමක්දැයි පැහැදිලි කිරීමට.

ජිහාද් යන්නෙහි අරුත එක් තරා අභිමතාර්ථයක් අත්කරගනු පිණිස සිය ශක්තිය සහ හැකියා සියල්ල මුළුමනින්ම යොදා කරනු ලබන උත්සාහය වෙයි.ඉස්ලාමිය විවහාරය අනුව ජිහාද් යනු අල්ලාහ්ගේ තෘප්තිය අත්කරගනු පිණිස ඔහු දැක්වූ මාර්ගයෙහි සිට ඔහුගේ දීන් (මාර්ගයේ ) උන්නතිය උදෙසාත් සත්‍ය තහවුරු කිරීම සදහාත් ගනු ලබන සියලුම වෑයම ජිහාද් යැයි දැක්වේ. ඵඩ් අෆ

අල් කුරානයේ මෙහි “අල්ජිහාද්  ෆී සබිලිල්ලාහ්” අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම යනුවෙන් ම සදහන් කරේ .

ඒ අනුව ජිහාද් යන උතුම් මෙහවර ලෞකික අරමුණුවලින් තොරව සත්‍ය තහචුරු කිරීම පිණිස ඊමාන්ධාරීන් විසින් අල්ලාහ්ගේ මාර්ගයෙහි කරන පුර්ණ ක්‍රියාවක් බව “ෆී සබිලිල්ලාහ් ” වන වාක්‍යන්ශයෙන් ගම්‍ය වේ.

එම නිසා ජිහාද් නම්  මෙහවර පෞද්ගලික බලපුලුවන්කාරකම සහ ආධිපත්‍යය තහවුරු කරගන්නට භූගෝලීය දේශ සීමාවන් ව්‍යාප්ත කර ගැනීමට ,සම්පත් සුරා ගැනීමට හෝ මහ පොළොවේ කලබල හා විනාශය ඇති කිරීමට හෝ කරන්නක් නොවේ .

මිහිපිට සිය තේජස් පරාක්‍රමය තහවුරු කිරීමට කලබල සිදුකිරීමටත් යම් කෙනෙකු අකමැති ද අපි පරලොව ජයග්‍රහණය ඔවුන් සදහා ම තැබුවෙමු .පරලොව ජයග්‍රහණය හිමිවන්නේ දේව භය භක්තිය ඇති අයට පමණි . (අල් කුරානය 28:83)

ඉස්ලාමයේ මුලික මග පෙන්වීම අනුව අසාධාරණය සහ අසත්‍ය යනාදියට එරෙහිව අල්ලාහ්ගේ මාර්ගයෙහි සටහන් කිරීමේ “ජිහාද් “ කියන පැය භාවිතා කෙරේ.අනෙක් අතට මිනිසුන් සමාජ හෝ රාජ්‍යයන් විසින් ආත්මාර්ථකාමිත්වය අරමුණු කර ගෙන කරන සටහන් “හර්බ් “ යනුවෙන් වහරනු ලැබේ.

එම නිසා “හර්බ්” යන පැයට වඩා “ජිහාද් ” යන පැය වෙනස් හා පුළුල් වුවක් බව වැටහෙනවා නොවේද ? “ජිහාද්” යැයි වෙනස් කි පමණින් බොහෝ දෙනෙකු සිතන්නේ ආයුධ සන්නද්ධ සටහන් පමණි .නමුත් සැබෑව එය නොවේ .මිහිපිට යහපත පනවා අනිටුකම් වැළැක්වීමට ,අසාධාරණයට එරෙහිව සටන් කිරීම ,සත්ක්‍රියාවන් උදෙසා සම්පත් පරිත්‍යාග කිරීම ,නිවැරදි ක්‍රම මගින් අල්ලාහ්ගේ දයාවද හරිහම්බ කිරීම ,තෘෂ්ණාවට එරෙහිව සටන් කිරීම යනාදී සත් ක්‍රියා සියල්ල ජිහාදහිලා ගැනේ.ජිහාද්  වනාහි “ෆරල් කියාෆා ” යන වගකීමක් බව නීතිවේදීන්ගේ අදහසයි.එහෙත් සමහර අවස්ථාවලදී එය ෆර්ල් අයින් බවට‍ පත වේ .

ඉස්ලාම් වියතුන් විසින් ජිහාදය කොටස් පහකට බෙදා තිබේ .

01. මුවින් ජිහාද් කිරීම

ඉස්ලාමිය දහ්වා මෙහවර මිට අඩංගුය .කෆ්ර් ,ෂිර්ක්,බිද්අත්,අසාධාරණය සහ අධ්ර්මිෂ්ටභාවය යනාදිය තුරන් කොට අල්ලාහ්ගේ අන තහවුරු කරනු මුවින් කරන මෙහෙවර මින් පෙන්නුම් කෙරේ.තවද ඉස්ලාමීය දේශනා කිරීම,යහපත පනවා අයහපත වැළැක්වීම මුස්ලිම්වරයෙකු  තමා විශ්වාස කර පිළිගන්න අදහස් අනුව ජිවත් වෙනවා පමණක් නොව සෙස්සන් ඒ අනුව ජිවත් කරවීමට කැදවිමත් මෙහි අඩුංගුය.මීට සාක්ෂි වශයෙන් පහත සදහන් නබි වදන ඉදිරිපත් කල හැකිය.

ඔබ අතරින් කෙනෙකු කිසියම් අනර්ථකාරී දෙයක් දුටුවානම් එය සිය අතින් වළක්වන්න.බැරිනම් මුවින් වළක්වන්න .එයද බැරිනම් සිතින් එය පිළිකුල් කරන්න .එය ඊමානයේ ඉතා දුර්වල ස්ථානයක් ගනී. (මුස්ලිම් )

02.දේශනා (ඉගැන්වීම්) ජිහාද් කිරීම

ඉස්ලාමය පිලිබදව දැනුම සහ පුහුණුව යනාදිය ලබාදීම සදහා ගනු ලබන සෑම උත්සාහයක්ම මිට අඩංගුය .එම නිසා ඉගෙන ගැනීම සහ ඉගැන්වීමේ ක්‍රියාව ඉස්ලාමය විසින් ජිහාද් වශයෙන් සලකනු ලැබේ.ජිහාද් කිරීම හගවන නෆර පදය අල් කුරනයෙහි සිප සතර හැදෑරීම සදහා පිටත්වීම යන අරුත යොදා ඇත.මේ වූ කලී සිපසතර සොයා පිටත්විමද ජිහාද් බවට සාක්ෂියකි .තවද අධ්‍යාපන කටයුතුවල (ඉගෙනීම හා ඉගැන්වීම ) නිරත වීමද ජිහාද් වන බව මෙයින් පැහැදිලි වේ.

03.දේශපාලන සටන්

රජවරුන්,පාලකයන් සහ බලයෙහි සිටින්නන් යනාදින්ගේ අරාජක ක්‍රියා කලාපය පෙන්වා දෙමින් ඒවා නිවැරදිව කිරීම මෙම ජිහාද් වර්ගයට අයත් වෙයි.දුෂ්ඨ පාලකයකුට සත්‍ය අවබෝධය කරවීම සම්බන්දයෙන් නබි (සල්) තුමාණන් මෙසේ සදහන් කරති .

ජිහාදයේ ඉතා ශේෂ්ඨ වන්නේ දුෂ්ඨ පාලකයකුට සත්‍යය ගෙන හැර පෑමයි. (නසාඉ)

04.ජිවිත පරිත්‍යාග 

ජිහාදයේ ඉතා උසස් වන්නේ ශරීරය,ජීවිතය ,කැප කරමින් කරන ජිහාදයයි.සාමාන්යෙන් අල් කුරානයෙහි සහ සුන්නාවයහි මෙම වර්ගයේ ජිහාදය ගැන උසස් ලෙස වර්ණනා කර ඇත.මිහිපිට අසාධාරණකම් තුරන් කර යුක්තිය සාධාරණත්වය තහවුරු කරමින් සත්‍යය පවත්වා ගැනීමට මුස්ලිම්වරයෙකු ජිවිත පරිත්‍යාගයෙන් හෝ කටයුතු කල යුතුය.මන්ද මිනිසුන් අතරින් ඉතා ශේෂ්ඨ වන්නේ අල්ලාහ්ගේ මාර්ගයේ සිය ධනයෙන් සහ ශරීරයෙන් සටන් කරන්නා බවට ඉස්ලාම් අදහස් කරයි.

05.ධනයෙන් කරන ජිහාද්

අල්ලාහ්ගේ මාර්ගයේ ධන පරිත්‍යාග කිරීම මින් කියවෙයි.අල්ලාහ්ගේ මාර්ගයෙහි ද්‍රව්‍ය කරන මෙන් අල් කුරානයේ සදහන් වෙයි.

අල්ලාහ්ගේ මාර්ගයේ ඔබගේ වස්තු සහ ජිවිත කැප කරමින් ජිහාද් කරන්න .ඔබ බුද්ධිමත් නම් මෙයම ඔබට යහපතක් වේයි. (අල්-කුරානය 9:14)

ධනය සහ ජිවිත පරිත්‍යාග කරමින් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් මෙම ආයතයෙන් දිරි ගැන්වෙයි.

ඉබාදත්වල ඉතා ශේෂ්ඨ වන්නේ ජිහාද් බවද  ජිහාද් වර්ග අතරින් ශේෂ්ඨ වන්නේ සන්නද්ධ සටන් බවද දැන ගතිමු.එහෙත් සන්නද්ධ සටන ඉස්ලාමිය ජිහාදයේ අවසාන අදියර බව මැනවින් වටහා ගත යුතුය.සන්නද්ධ සටන් කළ යුත්තේ විකල්පයක් නැතිවිට පමණි.පරාජය ලබන විට සන්නද්ධ සටන හැර විකල්පයක් නැති තත්වය තුල අවසාන වෑයම වශයෙන් ඊට අනුමැතිය ලැබේ.ඉස්ලාම් සටන්වලට වඩා සාමය ප්‍රිය කරයි.මුස්ලිම්වරුන් අනුන්ගේ අයිතිවාසිකම්වලට ඇත නොපෙවිය යුතුය.ෙවෙරය ඇති කරවන කටයුතු නොකළ යුතුය යනුවෙන් ඉස්ලාම් මුස්ලිම්වරුන්ට නියෝග කරයි.ඔවුන් කවදත් තම හාත්පස සිටින සියලු දෙනා සමගම එක්සත්ව සමගියෙන් කටයුතු කළ යුතුය.

තවද සෑම අවස්ථාකදිම ඉවසීම පුරුදු පුහුණු කරන ලෙස ඉස්ලාම් නියෝග කරයි.මේ සියලුම් ක්‍රම පිලිපැදීමෙන් පසුව පවා ඉස්ලාමිය සතුරන් විසින් හිංසා පීඩා ඇති කරනු ලැබුවා නම් එහිදී ඉවසා දරා ගැනීම අසීරු යන තත්ත්වය ඇති වන ද්විමය ඉස්ලාම් ජිහාදය අනුමත කරන්නේ ,ඉනිදු සියලුම ජිහාද් ක්‍රම වලට පසු අවසාන පියවර වශයෙන් සන්නද්ධ සටනකට අනුමැතිය ලැබේ.එනම් ගැබුරට මුල් බස ගිය විශාල ගසක හරහා හමන කුණාටුවක දී එකී ගස නොවැටී කෙළින් සිටින්නට ගන්නා වෑයම මෙන් ඉස්ලාමිය රාජ්‍යය ප්‍රතිපත්ති වලින් ආරක්ෂා වනු පිණිස ඉස්ලාමයෙන් ගනු ලබන පියවර වන්නේ ජිහදයයි.නමුත් මෙම ජිහාද් සටන් අවස්ථාවල පවා සටන් සාර ධර්ම රැක ගත යුතු බව ඉස්ලාමයෙන් අවධාරණය කෙරෙයි.

අල්ලහෙගේ මාර්ගයෙහි ඔබට පහර දෙන අය සමග ඔබද සටන් කරන්න නමුත් සීමාව ඉක්මවා නොයන්න . (අල් කුරානය 2:190)

අල්ලාහ්ගේ මාර්ගයෙහි සටන් ඔහුගේ නමින් සටන් වදින්න .අල්ලාහ් පිටු දකින්නන් හා සටන් වදින්න.සටන් කිරීමේදී සීමාව ඉක්මවා යාම ,වංචාවල යෙදීම ,වධ හිංසා පමුනවාලීම හා දරුවන් ,ස්ත්‍රීන් ඝාතනය කිරීම නොකළ යුතුය. (මුස්ලිම්)  යනුවෙන් තම සෙනදිපතින්ට නබි (සල්) තුමා උපදෙස් උන්හ.

මෙවැනි සටන් සාරධර්ම ඉස්ලාමයෙන් ඉගැන්වෙයි.ඔබට මුහුණ ල සටන් නොවදින අයට එරෙහිව සටන් නොකරන්න.ස්ත්‍රීන,දරුවන්,මහල්ලන්,තාපසයින් යනාදීන් නොමරන්න,ගස් නොකපන්න,ගින්දර අවිලීම් නොකරන්න,කොල්ලකෑම් නොකරන්න,සිද්ධස්ථානලට හානි නොපමුනුවන්න,වධ හිංසා නොකරන්න,තුවාල ලත අය සහ සිරකරුවන්ට ගෞරවයනීය ලෙස සලකන්න යනාදී ශේෂ්ඨ ක්‍රියා ජිහාදයෙදී පිළිපදින ලෙස ඉස්ලාමයේ තදින් නියෝග කරයි.

ත්‍රස්තවාදය ගැන පැවසුවහොත් ජිහාදයට සහමුලින් වෙනස් දෙයකි .ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදයෙන් අවුරුදු 30 ක්ම් බැට කෑ අපට ත්‍රස්තවාදය යනු මෙයයි කියා අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ.ඉහත මා විසින් ඉහත සදහන් කල ජිහාදය පිලිබදව  කරුණු සැලකීමේදී  ජිහාදය යනු ත්‍රස්තවාදයට හාත්පසින්ම වෙනස් දෙයක් බව ඔබට තේරුම ගත හැකිය.

එබැවින් වර්තමානයේ ලොව  බොහෝ ඉස්ලාම් විරෝධී සංවිධාන මගින් ඉස්ලාම් දහම විකුර්ති කොට මුස්ලිම් නොවන්නන් සදහා ඉස්ලාමය පිලිබදව වැරදි වැටහීම ඇති වන ලෙස ක්‍රියා කරයි.අවාසනාවටද ශ්‍රී ලංකාවේද  මේ වන විටත් බොහෝ ඉස්ලාම් විරෝධී සංවිධාන මගින් සිංහල භාෂාවෙන් නොයෙකුත් ව්‍යාජ ලිපි ඵල කර මුස්ලිම් නොවන්නන් නොමග යැවීමේ ක්‍රියාවක යෙදී සිටි.මෙවැනි මුදල් මත යැපෙන සංවිධානත්මක කල්ලි  පිලිබදව අවධානයෙන් සිට නිවැරදි දේ කුමක්දැයි පැහැදිලිව වටහා ගැනීම මුස්ලිම් වරුන්ගේත්  මුස්ලිම් නොවන සහෝදර සහෝදරියන්ගේත් වගකීමකි.

මුස්ලිම්වරුන් කඃබාවට වදින්නේ ඇයි ? Why do the Muslims workship the KAABA?

ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතරතුරදී මුස්ලිම්ස්වරුන් කඃබාවට වැදීමත්.කඃබාවට හිස නමා නමස්කාරය කිරීමත් කෙසේ පිළිගනු ලබන්නේද ?

කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාත් ඉටු කිරීමේදී පෙරටු කර ගන්නා දිශාවක් පමණි.මුස්ලිම්ස්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කලද කඃබාවට නොවදින බව සදහන් කල යුතුය.මුස්ලිම්වරුන් අල්ලාහ් හැර අන කිසිවෙකුට හෝ කිසිවෙකුට හිස නොනමිය යුතුය.අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට නොවැදිය යුතුය.

අල් කුරාණයේ දෙවන පරිච්චේදයේ 114 වන වැකියේ පහත ආකාරයට සදහන් කරයි.

(මුහම්මද්!) ඔබේ මුහුණ නිතර අහස දෙසට හරිම අපි දකිමු.එබැවින් ඔබ ප්‍රිය කරන කිබ්ලාව දෙසට ඔබ හැරවන්නෙමු.එබැවින් ඔබේ මුහුණ මස්ජිදුල් හරාම් දෙසට හරවන්න! ඔබ කොතැනක සිටියත් ඔබේ මුහුණ එම දිශාවටම හරවන්න!

                                                                                                                                                                                                       (ශු: කු 2:144)

සලාතය ඉටුකිරීමේදී කඃබාව පෙරටුකරමින් සලාතය ඉටුකරන්නේ ඇයි දැයි හේතු කාරණා සහිතව අවබෝධ කර ගනිමු.

01.ඉස්ලාම් ධර්මය එකමුතු කම අවධාරණය කරන්නේය.

නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් අල්ලාහ්ට යාඥා කිරීම සදහා සිට ගැනීමේදී පිරිසක් උතුරු දිශාව දෙසට හැරී යාඥා කිරීමට ප්‍රිය කල හැකිය.තවත් පිරිසක් දකුණු දෙසට හැරී අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමට ප්‍රිය කල හැකිය .එහෙත් එමක දෙවියන් වන අල්ලාහ් වෙනුවෙන් යාඥා කිරීමේදී පවා මුස්ලිම්වරුන් එකමුතුකම අනුගමනය කල යුතුය යන පරමාර්ථයෙන් අල්ලාහ්ට යාඥා කිරීමේදී මුස්ලිම්වරුන් සියලු දෙනාම කඃබාව පෙරටු කල යුතු යැයි අණ කරනු ලැබ සිටිති .කඃබාවට බටහිර දිශාවේ වෙසන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට නැගෙනහිර දිශාවේ  කඃබාව තිබන බැවින් ) නැගෙනහිරට යොමු යොමු වී ද ,කඃබාවට නැගෙනහිර දිශාවේ වෙසෙන මුස්ලිම්වරුන් (ඔවුන් සිටින ස්ථානයට බටහිර දිශාවේ කඃබාව තිබන බැවින් ) බටහිර දිශාවට යොමු වී ද ,සලාතය ඉටු කරති.

02. ලෝක සිහියමේ මැද කඃබාව පිහිට ඇත .

ලෝක සිතියම ප්‍රථමවරට සැලසුම් කලේ මුස්ලිම්වරුය.ලෝක සිතියම සැලසුම් කල මුස්ලිම්වරුන් ලෝක ගෝලයේ දකුණු දිශාවට සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාවේ ලෝක සිතියමේ උඩු පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාව ලෝක සිතියමේ යටි පැත්තෙන් තිබෙන ආකාරයටත් සැලසුම් යෙදුහ .එසේ සැලසුම් සැකසීමේදී මුස්ලිම්වරුන් පෙරටු කර සලාත් ඉටුකරන දිශාව වන කඃබාව ලෝක මැද පිහිටා තිබිණි.පසුව බටහිර ලෝකයේ සිතියම විද්‍යාෂඥයින් ලෝක සිතියම සැලසුම් කිරීමේදී ලෝක ගෝලයේ උතුරු දිශාව සිතියමේ උඩු පැත්තට තිබෙන ආකාරයටත් දකුණු දිශාව සිතියමේ යටි පැත්තට තිබෙන ආකාරයටත්  සැලසුම් යෙදුහ.බටහිරයන් ලෝක සිතියම වෙනස් කර සැලසුම් සැලසුවද පිහිටියේ ලෝක සිතියමේ මධ්‍යමයේය .

03.කඃබාව වටා  “තවාෆ් ” කරන්නේ (කඃබාව වටේ යෑම ) දෙවියන්ගේ  ඒකීයත්වය විදහා පෑමටය.

මුස්ලිම්වරුන් මක්කාවට යන අවස්ථාවේදී මස්ජිදුල් හරාමයේ ඇති කඃබාව වටා  “තවාෆ් ” කරති.එසේ කඃබාව වටා තවාෆ් කරන්නේ ඒක දේවවාද ප්‍රතිපත්තිය ගෙනහැර පෑම සදහාත්,ඒක රවුමක් යනු එකම එක කේන්ද්‍රයක් පමණක් සතුව තිබෙනවාක් මෙන් වැදීමට සුදුස්සා වූ දෙවියන් එකම අල්ලාහ් වන බවට හැගවීම සදහාමය.

04.උමර් (රලි) තුමානන්ගේ පණිවිඩයක් :

කඃබාවේ තිබෙන “හජ්රුල් අස්වද් “නමැති කළු පැහැති ගල පිලිබදව අල්ලාහ්ගේ වක්තෘන් වන නබි (සල් ) තුමාණන්ගේ ආදරණිය නබි මිත්‍රයා වන උමර් රලි මෙසේ පැවසුහ.

නුබ යහපතක් හෝ අයහපතක් හෝ සිදුකල නොහැකි ගලක් බව මම දනිමි.අල්ලාහ්ගේ දුත්යාණන්   (සල්) තුමාණන් නුබ ස්පර්ශය කර සිප ගැනීම මා දැක නොසිටිමි නම් මමද නුබ ස්පර්ශකර සිප ගන්නේ නැත.

දැනුම්දෙන්නා : ආබිස්‌ රබීආ  ,මුලාශ්‍රය:බුහාරි (1597)

05.කඃබාව මත නැග සිට සාලතය ඉටුකිරීම් සදහා ඇරයුම් කිරීම (අදාන් කීම )

නබි(සල් ) තුමාණන්ගේ කාලයේ නබි මිත්‍රවරුන් කඃබාව මත නැගී සලාතය සදහා ඇරයුම් කර ඇත්තෝය.කඃබාව  වදින බවට මුස්ලිම්වරුන් වෙත චෝදනා කරනන්නගෙන් මා අසන්නේ තමා වදින පිළිමය මත නැගී සිටින්නේ කුමන පිළිම වන්දනාකරුවෙක්ද ?

By Dr Zakir Naik

මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදීනාවට යාමට අවසර නොදෙන්නේ ඇයි? Why are Non-Muslims not allowed to enter Mecca & Medinah?

මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදිනාවට යෑමට අනුමත නොකරන බව සත්‍යකි.පහත දැක්වෙන විස්තර පෙරකී තහනම පිලිබදව පැහැදිලි කරයි.

01.රටේ සිටින සියලු පුරවැසියන්ට තහනම් කරන ලද තැන්වලට යෑමට නොහැකිය.

මම ඉන්දියානු පුරවැසියෙක් වෙමි.එනමුත් හමුදා කේන්ද්‍රස්ථාන වැනි ආරක්‍ෂිත ප්‍රදේශ තුලට යෑමට මට අවසරයක් නොමැත.හමුදාවේ සේවය කරන්නන් සහ හමුදාව හා සම්බන්දකම් ඇති අය පමණක් හමුදා කේන්ද්‍ර ස්ථාන වැනි අරක්ෂිත ප්‍රදේශ තුලට යෑමට අවසර ඇත.ඒ ආකාරයට සෑම රටකම එම රටේ සාමාන්‍ය පුරවැසියන් යෑමට නොහැකි ලෙස ආරක්‍ෂිත ප්‍රදේශ සමහරක් ඇත.එලෙස ඉස්ලාමය ලෝවැසි සියලුම ජනයාට පොදු ආගමක් වුවද ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර වන මක්කාවට හා මදීනාවට යෑමට අවසර ඇත්ත වුවන් වන්නේ මුස්ලිම් වරුන් පමණකි.

ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යෑමට තහනම් කර තිබීම ගැන රටේ සාමාන්‍ය පුරවැසියෙකු විරුද්ධ වීම නිවැරදි කරුණක් නොවේ.මුස්ලිම් නොවන අය ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර දෙක වන මක්කාව හා මදීනාවට යාම සදහා අනුමත  නොකර තිබීම පිලිබදව විරෝධතාවය දැක්වීමද නිවැරදි කාර්යයක් නොවේ.

02.මක්කාවට හා මදීනවට යාම සදහා අනුමැතිය දෙන වීසා බලපත්‍රය .

කෙනෙකු විදේශ රටකට යෑමට අවශ්‍යනම් එම රටට‍ යෑම සදහා වීසා එනම්.ප්‍රවේශ වීම සදහා ප්‍රවේශ බලපත්‍රයක් ලබා ගත යුතුය.සෑම රටක්ම තම රටට පැමිණීම සදහා වීසා ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නම් තමන් සදහා වෙනස් වූ නීතිරීති හා අවශ්‍යතාවන් සම්පාදනය කර තිබේ,මෙසේ සම්පාදනය කරනු ලැබ ඇති නීති රීති වලට හා කොන්දේසි වලට එකග නොවූ අයට එම රටවල් වලට පැමිණීමට එම රටවල් අනුමැතිය ලබා නොදේ.

මෙසේ තම රටවල් වලට පැමිණීම සදහා අනුමැතිය ලබාදීමේදී දැඩි නීතිරීති කොන්දේසි හා අවශ්‍යතාවන් සැලසුම් කර ඇති රටවල් අතුරින් ඇමරිකාව එකකි.විශේෂයෙන් තුන්වන ලේකයේ රටවල් වලට අයත් ජනයා ඇමරිකාවට යෑමට වීසා බලපත්‍රය ලබාගත යුතුවන්නේ නම් අසීමිත අවශ්‍යතාවන් හා කොන්දේසි සම්පුර්ණ කර තිබිය යුතුය.

අවසන් වරට මම සින්ගපුරුවට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය හොරෙන් ප්‍රවාහනය කරන්නන් හට මරණිය දඩුවම යැයි සිංගප්පුරු ආගමන අයදුම්පත් සදහන් වී තිබිණි.මට සිංගපුරුවට යෑමට අවශ්‍යනම්,සින්ගපුරුවේ නීති රීතිවලට යටත් වීම කල යුතුමය.මරණිය දර දඩු කාර්යයක් යැයි පවසා මට තර්ක කිරීමට නොහැකිය.මම සිංගපුරුවේ නීතිරීති වලට යටහත් වන්නේ නම් පමණක්  මා සිංගපුරුවට යෑමට අනුමත කරයි.

ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වන මක්කාවට හා මදීනවට යෑමට අදහස් කරන ඕනෑම මිනිසෙකුට තිබිය යුතු එකම වැදගත්ම සුදුසුකම වන්නේ තම දෙතොලෙන් උච්චාරණය කර හදවතින් පිළිගත යුතුය

ලා ඉළාහ ඉල්ලලාහ් ,මුහම්මදුර් රසුලුල්ලාහ්

වැදීමට සුදුස්සා අල්ලාහ් හැර අන කිසිවකු නොමැත.මුහම්මද් නබි තුමා ඔහුගේ දුතයාය

යන්න.

By Dr Zakir Naik

ඉස්ලාමය කඩුවෙන් පතුරවනු ලැබුවේද ? Was Islam Spread By The Sword ?

ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ආගමක් වශයෙන් තිබියදී එය සාමය උදාකරන ධර්මයක් යැයි කියන්නේ කෙසේද ?

ඉස්ලාමය කඩුවෙන් පතුරුවනු නොලැබුවේ නම් ලෝකය පුරාම ඉස්ලාමය වැලදගත් අය මෙපමණ කෝටි සංඛ්‍යාවක් සිටීමට නොහැකි බව අන්‍ය ආගමිකයන්ගෙන් ඇතැමුන් ඉස්ලාමයට පොදුවේ එරෙහිව ගෙන හැර දක්වන පොදු චෝදනාවකි .ඉස්ලාමය ස්වභාවිකවම ඥානාන්විත වූ ධර්මයකි.හේතු සාධක සමග ලෝකයේ ඉස්ලාමය සිඝ්‍රයෙන් මුල්බැස ගත්තේ යැයි මා තව දුරටත් ගෙන හැර දැක්වීමට යන විස්තරය මගින් ඔබට අවබෝධ කර ගත හැකිවේ.

01.ඉස්ලාමය යන්නෙහි අරුත ශාන්තියයි.

ඉස්ලාමය නමැති වචනය “සලාම් “ නමැති අරාබි මුල් වචනයෙන් බිහිවුවකි.”සලාම්”  අරාබි වචනයට කෙනෙකුගේ චේතනා සියල්ලක්ම අල්ලාහ් වෙනුවෙන් ප්‍රිය කිරීම යනුවෙන් තවත් අර්ථයක්ද ඇත.මේ අනුව ඉස්ලාම් ධර්මය යනු ශාන්ති ධර්මයකි.

02.ඇතැම් අවස්ථාවලදී ශාන්තිය ස්ථාපිත කිරීම සදහා බල කිරීම අවශ්‍ය වන්නේය.

ලෝකයේ සිටින සෑම ශාන්තිය හා සුහදත්වය ක්‍රියාත්මක කිරීම සදහා සහයෝගය නොදක්වති.ලෝකයේ සිටින අය අතුරින් ඇතැමුන් තම ආත්මාර්ථකාමිත්වය උදෙසා කලබල ඇතිකිරීමට පෙලෙබෙයි .මෙවැනි අවස්ථාවලදී ලෝකයේ ශාන්තිය හා සාමය ස්ථාපිත කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවක් ඇති වේ.එම නිසාම සාමය ඇතිකිරීම ඇති කිරීම සදහාත් සමාජ විරෝධීන් පාලනය කිරීම සදහාත් වැරදිකරුවන් හට දඩුවම් පැමිණවීම සදහාත්.ආරක්ෂක අංශය නමැති සංවිදානය ලෝකය පුරාම තිබේ.ඉස්ලාමය සාමය අගය කරන අතරම කුමන හෝ තැනක අසාධාරණයක් සිදුවන්නේද එම අසාධාරණයන්ට එරෙහිව සටන් කළ යුතු අවස්ථාවලදී බලකිරීම අවශ්‍ය වන්නේ යැයි පවසයි.හැකි යැයි ඉස්ලාම් ධර්මය අනුමැතිය දී ඇත්තේය.

03.ඉතිහාසඥ දී ලේසි ඕ ලියරි (De Lacy O’Leary ) ගේ මතය.

ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ධර්මයක් නොවන බව තහවුරු කිරීම සදහා ප්‍රසිද්ධ ඉතිහාසඥයකු වන DE Lace O Leary විසින් ලියන ලද ඉස්ලාමය පැමිණි මග (Islam At The Cross Road )  නමැති ග්‍රන්ථයේ 8 වන පිටුවේ ඔහු විසින් සදහන් කර ඇති අදහස් නිවැරදි වූ එකක් යයි ම සිතමි. ඉස්ලාමය කඩුවෙන් පතුරුවන ලද ධර්මයකි යන අදහස් නැවත නැවතත් ලෝකය හමුවේ පැතිරෙමින් ඇතැම් ඉතිහාසඥයන් විසින් හිතාමතාම නිර්මාණය කරන ලද ගොතන ලද මිත්‍යා ප්‍රභන්ධයක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලි ඉතිහාසය අප වෙත කියාපාන්නේය .

04 .ස්පාඥ්ඥයේ ඉස්ලාමිය පාලනය වසර 800 ක් මුළුල්ලේ පැවතුණි.

ස්පාඥ්ඥයේ මුස්ලිම්වරුන් වසර 800 ක් මුළුල්ලේම පාලනය කළහ.ස්පාඥ්ඥ ජාතික මුස්ලිම් වරුන් කිසිවෙකුත් එරට සිටින අන්‍යාගමිකයින් ඉස්ලාම් ධර්මය වැලදගන්න ලෙස බල නොකළහ.එහෙත් පසුව පැමිණි ක්රිස්තියනිවරුන් කුරුස යුද්ධය යන නාමයෙන් ස්පාඥ්ඥයේ සිටි මුස්ලිම්වරුන් සියලු දෙනාම විනාශ කළහ.දැනට ස්පාඥ්ඥයේ අල්ලාහ්ට යාඥා කිරීම සදහා ඇරයුම් කිරීමට කිසිවෙකු නොමැත යන්න එතිහාසික සත්‍යකි.

05.අරාබි ජාතිකයින්ගේ එක්කෝටි හතලිස් ලක්ෂයක් ජනයා පරම්පරාගත ක්‍රිස්තියනුවෝ වෙති(Coptic Christhians ).

ගතවූ 1400 වසරක් මුළුල්ලේම අරාබි අර්ධද්වීපය මුස්ලිම්වරුන් විසින් පාලනය කරනු ලබන අතර වසර කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතිකයින් හා වසර කිහිපයක් ප්‍රංශ ජාතිකයින් විසින්ද අරාබි අර්ධද්වීපය පාලනය කරනු ලැබීය ,එහෙත් පොදුවේ වසර 1400 ක කාලයක්ම අරාබි අර්ධද්වීපය මුස්ලිම් වරුන් විසින්ම පාලනය කරනු ලබන්නේය.එසේ වුවද දැනට පවා එහි එක්කෝටි හතලිස් ලක්ෂයක් ජනයා පරම්පරාගත ක්‍රිස්තියනුවෝය .මුස්ලිම්වරුන් කඩුවෙන් බළකොට සිටින්නේ නම් අදට අරාබි අර්ධද්වීපයේ එක්කෙනෙකුවත් ක්‍රිස්තියානි වරුන් නොවී සියලු දෙනාම මුස්ලිම්වරුන් වී සිටිය යුතුය.

06.ඉන්දුනිසියාව හා මැලේසියාව

ඉන්දුනිසියාව හා මැලේසියාව දැනට ලෝකයේ ඇති රටවල් අතරින් අධික මුස්ලිම් ජනයන් වෙසෙන රටවල් වන්නේ ඉන්දුනීසියාව හා මැලේසියාවයි.කුමන ඉස්ලාමීය සේනාවක් ගොස් ඔවුන් මුස්ලිම්වරුන් බවට‍ පත් කලේද ?

08.අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ එලෙසම

අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ එලෙසම අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල ඉස්ලාමය සීග්‍රයෙන් පැතිරී තිබෙන්නේය.කුමන ඉස්ලාමීය සේනාවක්ද අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවලට ගොස් එහි ජනතාව මුස්ලිම්වරුන් බවට පත් කළේ ?

09.ඉස්ලාම් ධර්මය බලකිරීම් කිසිවක් නොමැත.!

කුමන කඩුවෙන්ද ඉස්ලාමය පතුරුවනු ලැබුවේ ?එසේ කඩුවක් තිබුනද ඉස්ලාමය පතුරවන්නට එම කඩුව මුස්ලිම්වරුන් භාවිතා කර තිබිය නොහැකිය.මන්දයත් පහත සදහන් අල්-කුරණ වැකිය එය පැහැදිලිව ගෙන හැර දක්වන්නේය.

මෙම ධර්මයේ කිසිදු බලකිරීමක් නැත ,දුර්මර්ගයෙන් යහමග පැහැදිලි විය .
(ශු:කු 2:256 )

ඉස්ලාමය පතුරුනේ ඥානන්විත ප්‍රතිපත්තීන් මගින් සහ ආකර්ශනීය දේශනා මගින් බව පහත දැක්වෙන අල්කුරාන් වැකියෙන් දැනගත හැකිය.

ප්‍රඥාව හා අලංකාර අනුශාසනාවෙන් යුතුව ඔබේ දෙවියන් මාර්ගය දෙසට ඇරයුම් කරන්න!ඔවුන් සමග අලංකාර ලෙසින් විවාද කරන්න!ඔබේ දෙවියන් තම මාර්ගයෙන් ඉවත් වුවත් ගැන දන්නෙකි.යහමග ලත් අය ගැනද ඔහු දන්නෙකි. (ශු :කු 16 :125)

10.ගත වූ පනස් වසරක කාලයේදී ලෝකයේ ආගම වර්ධනය.

ගත වූ පනස් වසරක කාලයේදී (1934 සිට 1984 දක්වා ) ලෝකයේ ඇති ප්‍රධාන ආගම් වර්ධනය පිළිබද වූ සංක්‍යා ලේකනය 1986 වසරේදී “රීඩර්ස්  ටෙජ්ස් ” (Reader’s Digest ) පුවත්පතේ වාර්ෂික සංග්‍රහ ලේඛනය අඩංගු ලිපිය “ද ප්ලේන් තෘත් ” (Plain Truth) නමැති ඉංග්‍රීසි පුවත්පතේද පලකොට තිබිණි.ලෝකයේ ඇති ආගම් අතරින් වැඩියෙන් වර්ධනය වී ප්‍රථම ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ඉස්ලාම් ධර්මයයි.එහි වර්ධනය ගත වූ 50 වසරේදී 235% කි.ක්‍රිස්තියානි ආගම 47% කින් වර්ධනය වී තිබුණි.ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඉස්ලාමය වැළද ගැනීම සදහා හේතු සාධක වූ කුමන සංග්‍රාමයක් මෙම සියවසේ සිදුවූයේද ?

11.ඇමරිකාවේ සහ යුරෝපයේ ඉස්ලාමය ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

දැනට ඇමරිකාවේ ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආගම ඉස්ලාමයයි.එසේම යුරෝපයේද ඉතා සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ආගම ඉස්ලාමයයි.බටහිර ජාතිකයින් බලකර ඉතා ඉතා අධික ලෙස ඉස්ලාමය වැළදගැනීමට ක්‍රියාකළේ කුමන කඩුවද ? එනම්’ඉස්ලාමය එහි ප්‍රතිපත්ති මගින් වර්ධනය වනවාක් මිස කිසිදු අයුරකින් බලකිරීමක් මගින් එය සිදුනොවන බව වටහා ගත යුතුය.

අල්ලාහ්ගේ උපකාරය සහ ජයග්‍රහණය පැමිණෙන විට (මුහම්මද් !) අල්ලාහ්ගේ ධර්මයට ජනතාව කණ්ඩායම වශයෙන් පිවිසීම ඔබ දකින විට ,ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් සුවුශුද්ධ කරන්න!ඔහුගේ ක්ෂමාව අයදින්න ඔහු ක්ෂමාව පිලිගන්නෙකු වේ . (ශු:කු 110:1-3)

by Dr zakir naik.සිංහල පර්වර්ථනය ඒ.එල් .නෙයිනා මොහමඩ්