මුස්ලිම් නොවන්නන් හට මක්කාවට හා මදිනාවට යෑමට අනුමත නොකරන බව සත්‍යකි.පහත දැක්වෙන විස්තර පෙරකී තහනම පිලිබදව පැහැදිලි කරයි.
01.රටේ සිටින සියලු පුරවැසියන්ට තහනම් කරන ලද තැන්වලට යෑමට නොහැකිය.
මම ඉන්දියානු පුරවැසියෙක් වෙමි.එනමුත් හමුදා කේන්ද්‍රස්ථාන වැනි ආරක්‍ෂිත ප්‍රදේශ තුලට යෑමට මට අවසරයක් නොමැත.හමුදාවේ සේවය කරන්නන් සහ හමුදාව හා සම්බන්දකම් ඇති අය පමණක් හමුදා කේන්ද්‍ර ස්ථාන වැනි අරක්ෂිත ප්‍රදේශ තුලට යෑමට අවසර ඇත.ඒ ආකාරයට සෑම රටකම එම රටේ සාමාන්‍ය පුරවැසියන් යෑමට නොහැකි ලෙස ආරක්‍ෂිත ප්‍රදේශ සමහරක් ඇත.එලෙස ඉස්ලාමය ලෝවැසි සියලුම ජනයාට පොදු ආගමක් වුවද ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර වන මක්කාවට හා මදීනාවට යෑමට අවසර ඇත්ත වුවන් වන්නේ මුස්ලිම් වරුන් පමණකි.
ආරක්‍ෂිත ප්‍රදේශ වෙත යෑමට තහනම් කර තිබීම ගැන රටේ සාමාන්‍ය පුරවැසියෙකු විරුද්ධ වීම නිවැරදි කරුණක් නොවේ.මුස්ලිම් නොවන අය ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර දෙක වන මක්කාව හා මදීනාවට යාම සදහා අනුමත නොකර තිබීම පිලිබදව විරෝධතාවය දැක්වීමද නිවැරදි කාර්යයක් නොවේ.
02.මක්කාවට හා මදීනවට යාම සදහා අනුමැතිය දෙන වීසා බලපත්‍රය .
කෙනෙකු විදේශ රටකට යෑමට අවශ්‍යනම් එම රටට යෑම සදහා වීසා එනම්.ප්‍රවේශ වීම සදහා ප්‍රවේශ බලපත්‍රයක් ලබා ගත යුතුය.සෑම රටක්ම තම රටට පැමිණීම සදහා වීසා ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නම් තමන් සදහා වෙනස් වූ නීතිරීති හා අවශ්‍යතාවන් සම්පාදනය කර තිබේ,මෙසේ සම්පාදනය කරනු ලැබ ඇති නීති රීති වලට හා කොන්දේසි වලට එකග නොවූ අයට එම රටවල් වලට පැමිණීමට එම රටවල් අනුමැතිය ලබා නොදේ.
මෙසේ තම රටවල් වලට පැමිණීම සදහා අනුමැතිය ලබාදීමේදී දැඩි නීතිරීති කොන්දේසි හා අවශ්‍යතාවන් සැලසුම් කර ඇති රටවල් අතුරින් ඇමරිකාව එකකි.විශේෂයෙන් තුන්වන ලේකයේ රටවල් වලට අයත් ජනයා ඇමරිකාවට යෑමට වීසා බලපත්‍රය ලබාගත යුතුවන්නේ නම් අසීමිත අවශ්‍යතාවන් හා කොන්දේසි සම්පුර්ණ කර තිබිය යුතුය.
අවසන් වරට මම සින්ගපුරුවට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය හොරෙන් ප්‍රවාහනය කරන්නන් හට මරණිය දඩුවම යැයි සිංගප්පුරු ආගමන අයදුම්පත් සදහන් වී තිබිණි.මට සිංගපුරුවට යෑමට අවශ්‍යනම්,සින්ගපුරුවේ නීති රීතිවලට යටත් වීම කල යුතුමය.මරණිය දර දඩු කාර්යයක් යැයි පවසා මට තර්ක කිරීමට නොහැකිය.මම සිංගපුරුවේ නීතිරීති වලට යටහත් වන්නේ නම් පමණක් මා සිංගපුරුවට යෑමට අනුමත කරයි.
ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වන මක්කාවට හා මදීනවට යෑමට අදහස් කරන ඕනෑම මිනිසෙකුට තිබිය යුතු එකම වැදගත්ම සුදුසුකම වන්නේ තම දෙතොලෙන් උච්චාරණය කර හදවතින් පිළිගත යුතුය
ලා ඉළාහ ඉල්ලලාහ් ,මුහම්මදුර් රසුලුල්ලාහ්
වැදීමට සුදුස්සා අල්ලාහ් හැර අන කිසිවකු නොමැත.මුහම්මද් නබි තුමා ඔහුගේ දුතයාය
යන්න.
By Dr Zakir Naik

පිස්සුවෙ හොඳම එක , මහත්තයෝ හමුදා කඳවුරු හෝ ආරක්ෂක ස්ථාන හෝ රටවලට හෝ යනකොට ආගම කියන දෙ වැදගත් නැ . ආගම අනුව වෙනස්කරල සලකන්නත් බැ . මේ දෙක මහ මැටි මෝල් සංසන්දනයක් . තමුන්නාන්සෙලගේ ශුද්ධ භූමිය මුස්ලිම් වරුන්ට සීමා කිරීම ආගමික අයිතියක් . අපේ ශුද්ධ භුමි ඕනි කෙනෙකුට විවෘත කිරීම අපේ ආගමික අයිතිය . අන්න ඒකයි ඔතන තියෙන්නෙ ඔබතුමාලගෙ ආචාර්ය තුමාගෙ උදාහරනය සහ මුලින්ම වැරදියි
ඔබ තුමා සම්පුර්ණයෙන් තේරුම් අරන් තියෙන්නේ වැරදි විදිහටනේ මහත්තයෝ මෙතන කිසිම සදහනක් නැහැනේ හමුදා කඳවුරු හෝ ආරක්ෂක ස්ථාන වලට සහ රටවල් වලට යන්න ආගම් සලකා බලනවා කියලා
මෙතන ඔහු උදාහරණක් විදිහට පවසන්නේ හමුදා කඳවුරු හෝ ආරක්ෂක ස්ථාන වලට රටේ සාමාන්‍ය ජනයාට යාමට නොහැකි බවත් එවැනි ආරක්‍ෂිත ප්‍රදේශ තුලට යා හැක්කේ හමුදාවේ සේවය කරන්නන් සහ හමුදාව හා සම්බන්දකම් ඇති අය පමණක් බවත්ය.
මෙම උදාහරණය මගින් සංසන්දනය කරන්නනේ හමුදාවේ සේවය කරන්නන් සහ සාමාන්‍ය ජනතාව මිස හමුදාවේ සේවය කරන්නන් සහ එක් එක් පුද්ගලයන්ගේ ආගම සලකනවා කියා පවසා නැත .
එලෙස ඉස්ලාමය ලෝවැසි සියලුම ජනයාට පොදු ආගමක් වුවද ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර වන මක්කාවට හා මදීනාවට යෑමට අවසර ඇත්ත වුවන් වන්නේ මුස්ලිම් වරුන් පමණයි යන්නය.
අනික උදාහරණයක් විදිහට ඔහු පවසන්නේ සෑම රටක්ම තම රටට පැමිණීම සදහා වීසා ප්‍රවේශ පත්‍ර අවශ්‍ය නම් තමන් සදහා වෙනස් වූ නීතිරීති හා අවශ්‍යතාවන් සම්පාදනය කර තිබේ,මෙසේ සම්පාදනය කරනු ලබා ඇති නීති රීති වලට හා කොන්දේසි වලට එකග නොවූ අයට එම රටවල් වලට පැමිණීමට එම රටවල් අනුමැතිය ලබා නොදේන බවයි .
එලෙස ඉස්ලාමයේ ශුද්ධ වූ නගරය වන මක්කාවට හා මදීනාවට යෑමට අදහස් කරන ඕනෑම මිනිසෙකුට තිබින නීතිරීති හා කොන්දේසින් අතර ප්‍රධානම දේ වන්නේ එම මිනිසා මුස්ලිම්වරයෙකු වීම යන්නය එම මිනිසාට ශුද්ධ වූ නගරය වන මක්කාවට හා මදීනාවට යාමට නම් ඔහු එම නීතිරීති හා කොන්දේසින් පිලිපැදිය යුතුය එසේ නොමැතිනම් එම පුද්ගලයාට මක්කාවට හා මදීනාවට යාමට අනුමැතිය ලබා නොදේන බවයි .
මේවාට කියන්නේ සකීර්ගේ-හම්බ විහිලු කියලයි… සර්වබලධාරී දෙවියන් සියලු සත්වයින්ට එතුමන්ගේ මැවීම බුක්ති විඳීමට සැලසද්දී (කොන්දේසි විරහිතව; එතුමන්ට වඳින බවට හෝ විශ්වාසකරන බවට ), ‘දෙයියෝ අපේ’ කියාගන්නා කන්ඩායමක් ඔවුන්ව අනුගමනය නොකිරීම නිසා අවසර නොදීමත්, මන්දබුද්ධික මානසිකත්වයේ ලක්ෂණයක්.
අනික ඔය මක්කාව කියන එක බහුදේවවාදීන්ගේ මූලික නමස්කාර ස්ථානයක්. ඒක ඇතුලෙ තියෙන කුළුණු තුන ඒකට සාක්ෂි! ‘මක්කාව’ වගේ පෙට්ටි ඉස්සර වෙලඳ නගරවල තිබුණු සාමාන්‍ය දෙයක්. දැන් වැටවල් ගහගෙන හිටියට. මොහොමඩ් ගිහින් එතන ‘අල්ල’ට කියල වෙන්කර ගත්තු කතාව ඉස්ලාම් ඉතිහාසය ‘හරියට’ දන්න අය දන්නව. මේවා ඉතින් සකීර්ගෙ මෝඩ ජෝක්ස් වලට හුරෙ දාන මොලයක් නැති උන්ට නම් හෙන ‘සිරා’ තම්යි!
සහෝදරයා ඔයා මෙතනත් එවිත් ඔයාගේ නොදෙනුවත් කම ප්‍රදර්ශනය කරනවා නේ ??
මක්කාව කියන තෙනේ(place ) මුල් පදිංචියට ආවේ ඉබ්‍රාහිම් කියන නබි තුමාගේ බිරිද.
ඒකෙන් පස්සේ වෙල දාමේ ගිය අරාබි කාරයෝ >>ඉබ්‍රාහිම් නබි තුමාගේ බිරිදට පසුව එතන මුල් මිනිස් ජනාවාසය හෙදුනේ.
ඊට පස්සේ ඉබ්‍රාහිම් නබි තුමා විසින් ඉදිකරන ලද දෙවිමෙදුර තමයි කාබාව.
ඔබ ඉතිහාසය නොදන්නවා පුළුවන් ඈත් එක ප්‍රදර්ශනය කරන්න එපා.ඉබ්‍රාහිම් නබි තුමා ඉදලා “කඅබා” පාලනය පෙවත් ආවේ මුහම්මද් නබි තුමාගේ මුතුන් මිත්තන්ට.
ඒහින්දා නබිතුමාට අලුතින් වෙන්කරගන්න ඕනේ නේ >>
සහෝදරයා “කඅබා” මුස්ලිම් වරුන්ගේ උරුමයක්.
එක අලුතින් කියන්න දෙයක් නේ ඉතිහාසය දන්නේ නෙත්තම් ඉගන ගන්න >>ඉස්ලාම් විරෝදින්වත් ඔය වගේ බොරු කියන්නේ නේ.